තාරකා රාශී
තරු රටා යනු පරිකල්පිත
තාරකා සමුහයක් හැඳින්වීමට තාරකා විද්‍යාවේදී යොදාගන්නා වචනයයි. තරු රටා පිලිබඳ
සංකල්පය ක්‍රි.පූ. 4000දී පමණ තරම් ඈත අතීතයක් දක්වා දිවයන්නකි. දැනට සොයාගෙන ඇති
ආකාරයට ප්‍රථම වරට තාරකා රාශියක් නිරූපණය කර ඇති බවට සාධක හමුවන්නේ සුමේරියාවෙනි
(වර්තමානයේ ඉරාකය). මෙය මුද්‍රා වල සහා මල් බඳුන් වල මෝස්‌තර රටාවක් ලෙසින්
නිර්මාණය කර තිබු බවට සාධක ඇත. මේ වන විට තාරකා රාශි 88ක් හඳුනාගෙන නම් කර ඇති අතර
ඒවායින් බොහෝමයක් ග්‍රීක මිත්‍යා කතා සහ ආගමික කතා වල දක්නට ලැබෙන චරිත වලින්
උපුටා ගත් ඒවාය. තාරකා රාශි නම් කර අත්තේ ඒවායේ පිහිටීම් වලට අදාලව සෑදෙන හැඩයන්
වලට අනුවය. මෙම හැඩයන් මිනිස් පරිකල්පනයන් තුළින් උපන් ඒවා වේ. තාරකා රාශි වල
හැඩයන් ඒවා නිරීක්ෂකයාගේ දෘෂ්ටි කෝණය අනුව වෙනස් විය හැක. තාරකා විද්‍යාඥයාගේ
පර්යේෂණාගාරය රාත්‍රී අහසයි. නව ඛගෝල වස්තූන් සොයාගැනීමෙන් සහ ඒවාට අදාල
සංසිද්ධීන් අධ්‍යයනය කිරීමෙන්, විශ්වයේ භෞතික න්‍යායන් පිළිබඳ ව පෙර පැවති අනාවැකි
වල නිරවද්‍යතාවය සොයාගත හැකිය. එහෙත් වඩා සිත්ගන්නාසුළු කාරණයනම්, පවත්නා භෞතික විද්‍යාරාමුවකට
අවනත නොවන සිද්ධීන් භෞතික විද්‍යාවේ නව මානයන් හෙළිදරව් කිරීමට මඟ පාදන අතර විශ්වය
පිලිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට උපකාර කරයි. වර්තමාන තාරකා විද්‍යාව හා සම්බන්ධ
විවිධාකාර විධි ක්‍රම සහ උපකරණ ඇත. මෙම
පාඩම තරු රටා, රාශි චක්‍රය සහ ඛගෝල වස්තුන් අතර කෝණික විභේදනය මැනීමේ ක්‍රම සම්බන්ධව
සාකච්ඡා කරයි. රාත්‍රී අහස නිරීක්ෂණයේදී වැදගත් වන සංකල්ප සහ සම්ප්‍රදායන් පිළිබඳව
ද මේ තුලින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.
ඛගෝලය මත ඇඳි විවිධ
කල්පිත හැඩයන් තාරකා රාශි (constellations) ලෙස හැඳින්වේ. ලතින් බසින් මෙය "තාරකා මණ්ඩලයක්"
යන අර්ථය දෙයි. පෘථිවි පෘෂ්ඨයේ
ස්වභාවය නිසා උතුරු අර්ධ ගෝලයට පෙනෙන අහස උතුරු අහස ලෙසද,
දකුණු අර්ධ ගෝලයට
පෙනෙන අහස දකුණු අහස ලෙසද වෙන්කර ඇත.
[රූපය 1 උතුරු අහස]
බොහෝවිට තාරකා රාශි
අඳිනු ලබන්නේ පුරාවෘත්ත වල සඳහන් වන වීර චරිත සහ සත්ත්වයන්ගේ හැඩයන්ට අනුව ඛගෝලයේ
ඇති තාරකා අතර රටා ගැලපීමෙනි. මේවා තරු
සිතියමක ලකුණු කෙරේ. මිනිසුන්
ලිඛිත වාර්තා තැබීමට පටන් ගැනීමට පෙර නම් කළ සමහර තාරකා රාශීන්ගේ සම්භවයන් කාලයත්
සමග වැළලී ගොස් ඇත.
ජනප්‍රවාද වාචිකව
වාර්තා කිරීමේ ප්‍රමුඛත්වය දරන්නේ ඉපැරණි ග්‍රීක ජාතිකයෝ ය. එහෙත් 1928දී ජාත්‍යන්තර
තාරකා විද්‍යා සංගමය (IAU) මගින් තාරකා රාශි වල සීමා තහවුරු කරන ලදී. ක්‍රි.පූ. 100දී හිපාකස්ගේ ලැයිස්තු ගත කිරීමට අනුව තාරකා රාශි 88ක්
හඳුනා ගැනීමට හැකිය.
[රූපය 2 දකුණු අහස]
ඔරායන්
තරු රටාව ශ්‍රී ලංකාවේ රාත්‍රී අහසේ දක්නට
ලැබෙන වඩාත් ප්‍රචලිත තාරකා රාශි වලින් එකකි. ප්‍රසිද්ධ
ඔරායන් නෙබියුලාව ඔරයන්ගේ කඩුවේ මධ්‍යයේ පිහිටා ඇත
කෝණික
විභේදනය මැනීම
කෝණික විභේදනය මැනීමට
පහසු ක්‍රමයක් තිබේද? ඔව්. ඔබේ දෙඅත් භාවිතා
කිරීමෙන් එය කළ හැකිය. ඔබේ අත අහස
දෙසට දිගු කර ඔබේ ඇඟිලි හැකිතාක් ඈත් කරන්න. දැන් ඔබේ මහපට
ඇඟිල්ලේ තුඩ සහ සුලැගිල්ලේ තුඩ අතර දුර 25oක
කෝණයක් ආවරණය කරයි. මහපට ඇඟිල්ල
ඇතුලට නවා අත මිට මෙලවූ පසු මහපට ඇඟිල්ල සහ සුලැගිල්ල අතර දුර 10o ක පමණ කෝණයක් ආවරණය
කරයි.
තාරකා
වල නම්
තාරකා හඳුනාගැනීම සඳහා
හිපාකස් විසින් තරු රටා වල නම් සමග, ග්‍රීක හෝඩියේ
අකුරු යොදාගෙන සරල ක්‍රමයක් හඳුන්වා දෙන ලදී.
උදාහරණයක් ලෙස, ඔරායන් තරු
රටාවේ ඇති දීප්තිමත් ම තාරකාව ඇල්ෆා ඔරායන් වන අතර ඊට පසු දීප්තිමත්ම තාරකාව
බීටා ඔරායන් වේ. ග්‍රීක හෝඩියේ
අකුරු මදිවූ විට, අංක යොදාගෙන
තාරකා නම් කරනු ලැබේ (උදා: 33 ඔරායන්, 101 ඔරායන් ආදී
වශයෙන්). සමහර
දීප්තිමත්ම තාරකා වල වැදගත්කම නිසාම අංක
නාමකරණයට අමතරම ඒවාට ආවේණික වෙනම නම් ඇත. උදාහරණයක් ලෙස මහා
බල්ලා තාරකාව (Alpha Canis Major) සීරියස් (Sirius) ලෙස හැඳින්වේ.
චන්ද්‍රයා නොමැති අඳුරු රාත්‍රියක අහසේ පියවි ඇසට
තාරකා 6000ක් පමණ දෘශ්‍යමාන වේ. කෙසේ වෙතත් සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇති ක්ෂිරපථයේ
තාරකා 1013කට වඩා ඇත. එබැවින් අපට පියවි ඇසින් දැකගත හැක්කේ ආසන්නතම සහ
දීප්තිමත්ම තාරකා වලින් කිහිපයක් පමණි. දෙවන
ශතවර්ෂයේදී ටොලමි විසින් ප්‍රථම තාරකා නාමාවලිය ප්‍රකාශයට පත්කරන ලදී. එහි දීප්තිමත්ම තාරකා 1025ක
පිහිටීම අන්තර්ගත විය.
රාශි චක්‍රය
පෘථිවියේ අක්ෂය හිරු
වටා ඇති පෘථිවි කක්ෂ තලයෙන් 23 1/2ක් ඇලව ඇති නිසා, ආකාශය හරහා
වර්ෂයක් තුල දී හිරුගේ ගම්‍ය චලිතය ඛගෝල සමකයට 23 1/2ක් ආනතවූ වක්‍රයක් ලෙස
දිස් වේ. මෙම වක්‍රය ක්‍රාන්තිවලය
ලෙස හැඳින්වෙන අතර තරු රටා 88න් 12ක් හරහා එහි ගමන් මග
වැටී ඇත.
[රූපය 3 රාශි චක්‍රය]
විවිධ මාස
වලදී සූර්යයා රාශි චක්‍රයේ එක් එක් තරු රටාවට ගමන් කරන බව පෘථිවියේ සිට බලන්නෙකුට
දිස්වේ.
විෂුවය
සහ සූර්ය නිවෘත්තිය
වර්ෂයක් පුරා අහස හරහා
හිරුගේ ගමන් මාර්ගය ප්‍රක්ෂේපනය වීම ක්‍රාන්තිවලය ලෙස හැඳින්වේ. ක්‍රාන්තිවලය ඛගෝල
සමකය රේඛනය කරන ලක්ෂ්‍ය වසන්ත විෂුවය සහ සරත් විෂුවය පිහිටයි. උතුරු අර්ධ ගෝලයේ හිරු
මුදුන් වන ලක්ෂ්‍යය ගිම්හාන සූර්ය නිවෘත්තිය ද, අවම ලක්ෂ්‍යය සිසිර
සූර්ය නිවෘත්තිය ද වේ.
පෘථිවි අක්ෂයේ ඇලය
හේතුවෙන් උතුරු අර්ධ ගෝලයට ගිම්හාන සෘතුවේදී වැඩි සූර්යාලෝකයක් පතිත වන නිසා එහි
දහවල් කාලය දිගු වේ. ගිම්හාන
සෘතුවේදී උත්තරධ්‍රැවයේ ''මධ්‍යම රාත්‍රී'' හිරු ඇති වීමටද හේතුව
වන්නේ මෙයයි. වර්ෂයේ
දීර්ඝතම දිනය ඇති වන්නේ ගිම්හාන සූර්ය නිවෘත්තියේදී ය. ප්‍රතිවිරුද්ධ හේතු මත
සිසිර සෘතුවේදී දහවල් කාලය කෙටි වන අතර, රාත්‍රී කාලය දිගු වේ.
[රූපය 4 සෘතු ]
සෘතු
ශ්‍රී ලංකාව නිවර්තන
කලාපයට අයත් බැවින් එහි සෘතු වෙනස්වීම් ඇති නොවුවද සමකයට ඈතින් පිහිටි රටවලට එය
එසේ නොවේ. සෘතු ඇති
වන්නේ හිරුකිරණ පොළොවට පතිත වී පරාවර්තනය වීමෙන් සාදන කෝණය අනුවය. හිරු කිරණයේ කෝණය වැඩි
වීමෙන් වර්ග මීටරයකට වැඩි දීප්තියක් ඇතිවේ. අඩු කෝණයක හිරු
කිරණයකින් වර්ග මීටරයකට ඇති වන දීප්තිය අඩුවේ. වැඩි තීව්‍රතාවයක් යනු
වැඩි තාපයක් ඇති වන බවයි. එනම් වැඩි
උෂ්ණත්වයක් ඇති බවයි.
සාගර විසින් උෂ්ණත්වය
ගබඩා කරන බැවින් පෘථිවි මධ්‍යයේ සැබෑ උෂ්ණත්ව වෙනස්වීම් සති කිහිපයකින් ප්‍රමාද වේ. උදාහරණයක් ලෙස ගිම්හාන සෘතුවේ උණුසුම්ම දිනය යෙදෙන්නේ ගිම්හාන
සූර්ය නිවෘත්තියෙන් මසකට පමණ පසුවය.එනම් ජූලි මස අගදීය.
නක්ෂත්‍ර
කාලය (sidereal time) සහ චන්ද්‍ර මාස කාලය (synodic time)
'දිනය' අර්ථ
දැක්වෙන්නේ යම් වස්තුවක භ්‍රමණ කාලය සැලකිල්ලට ගැනීමෙනි. උදාහරණයක් ලෙස චන්ද්‍රයාගේ
දිනයක් යනු පෘථිවියේ දින 27කි.
'වර්ෂය' අර්ථ
දැක්වෙන්නේ යම් වස්තුවක පරිභ්‍රමණ කාලය සැලකිල්ලට ගැනීමෙනි. පෘථිවියේ වර්ෂයක් යනු
මාස වලට බෙදුණු දින 365කි. ප්ලූටෝගේ වර්ෂයක් යනු
පෘථිවි වර්ෂ 248.6කි.
සාමාන්‍යයෙන් අප
එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන්නේ චන්ද්‍ර මාස කාලයයි. එය සූර්යයා විෂය කොටගත් කාල ක්‍රමයකි. මධ්‍යාහනය, මධ්‍යම රාත්‍රිය, සන්ධ්‍යාව යන
සියල්ලම චන්ද්‍රමාස කාලයට උදාහරණ වේ. මෙම කාල වේලාවන් තීරණය වන්නේ සූර්යයා එක්
එක් වේලාවන්හි දී අහසේ කවර ස්ථානයක හැකිද යන්න අනුවය (උදා: සූර්යයා මුදුන් වූ විට
මධ්යාහනය වේ). තාරකා
විද්‍යාඥයන් බොහෝ
අවස්ථා වලදී මාපනයන් ලබා ගැනීම සඳහා භාවිතා කරනු ලබන්නේ නක්ෂත්‍ර කාලයයි.
පෘථිවිය හිරු වටා සෑම දින 365කට
වරක් පරිභ්‍රමණය වන නිසා අහස හරහා සූර්යයාගේ ගම්‍ය චලිතය දිනෙන් දිනට වෙනස් වේ.
[රූපය 5 නක්ෂත්‍ර කාලය සහ චන්ද්‍ර මාස කාලය ]
මුළු අහස් තලයේම අපට
තාරකා රාශි 88ක් දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ අහසේ
දැකගත හැකි තාරකා රාශි වලින් වඩාත් ප්‍රසිද්ධ තාරකා රාශිය ඔරායන් වේ. රාශියක තාරකා ග්‍රීක හෝඩියේ
අකුරු යොදාගෙන,
ඒවායේ දීප්තිමත් බව
අනුව නම් කර ඇත. සූර්යයාගේ සහ
ග්‍රහලෝක වල වාර්ෂික චලිතය (annual motion) විස්තර කිරීමට
තරු රටා 88න් 12ක් (රාශි චක්‍රය) පමණක් ප්‍රමාණවත් වේ. ආධුනික තාරකා විද්‍යාඥයෝ
බොහෝ විට තම අත්ල භාවිතයෙන් ඛගෝල වස්තූන් අතර කෝණික විභේදනය මනිති. අහස හරහා හිරුගේ
වාර්ෂික ගමන්මග ක්‍රාන්තිවලය ලෙස හැඳින්වේ. ක්‍රාන්තිවලය ඛගෝල
සමකය රේඛනය කරන ලක්ෂ්‍ය වසන්ත සහ සරත් විෂුවය ලෙස හැඳින්වේ. උතුරු අර්ධ ගෝලයේ හිරු
පිහිටන ඉහලම ලක්ෂ්‍යය ගිම්හාන සූර්ය නිවෘත්තිය ලෙසද, අවම ලක්ෂ්‍යය සිසිර සූර්ය නිවෘත්තිය ලෙසද
හැඳින්වේ. මධ්‍යන්‍ය
සූර්ය දිනයක් (චන්ද්‍රමාස
දිනයක්) නක්ෂත්‍ර
දිනයකට වඩා මිනිත්තු 4ක් දීර්ඝ වේ.
Mr. Nimmitha Karunarathne{B.Sc.(hons, Physics special)}




